ආනන්ද මාරසිංහ
ශාස්ත්‍රපති පණ්ඩිත හිටපු පරිවෙණාචාර්ය
1954.09.04 මහනුවර හාරිස්පත්තුවේ බෝතොටදී උපන් මම, ඉස්සෙල්ලාම අකුරු කළේ, මහ/ ඉහකැටිය ප්‍රාථමික පාසැලෙන්. ඊට පස්සේ ගම්පොල රත්මලකඩුව මහා විද්‍යාලයේත්, ගම්පොල වනවාස පිරිවෙනේ හා කෙළඹුගල නිග්‍රෝධඛෙත්ත පිරිවෙනෙනුත්, අධ්‍යාපනය ලැබුවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගෙන පසුව කොළඹ දෙමටගොඩ විසුද්ධාරාම පිරිවෙනේත්, ගම්පොළ වනවාස පිරිවෙනේත් ඉන් පසුව දඹුල්ල වළගම්බා මහ පිරිවෙනේත් ගුරුවරයෙක් විදිහට සේවය කළා. පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමා විභාගයත්, ශාස්ත්‍රපති උපාධියත්, ප්‍රාචීන පණ්ඩිත විභාගයත්, අධ්‍යාපන සුදුසුකම් ගොන්නට එකතු කර ගත්තා. වසර තිස් පහක ගුරු ජීවිතයට 2014 දී සමුදී විවේකයෙන් සිටිනවා.